ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.
ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375* දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.
තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.
සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැුවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ, සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.
මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දුියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළද මැදුරට ඉදිරියෙන් ඇත ිදෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.
අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.
දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය.
යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.
උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත. පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත් සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.
දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැුස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැුල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි. සිංහලයේ අවස්න රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැුසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.
Thursday, September 2, 2010
පොළොන්නරුව
ශී‍්‍ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කි‍්‍රස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කි‍්‍රස්තු වර්ෂ 633 දී තුන්වැනි අග‍්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක‍්‍රමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක‍්‍රමබාහු රජුගේ පාලන සමයේ ශී‍්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. එකළ රාමඤ්ඤ පුරය, ප`ඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප‍්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිළිය.වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම ප‍්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැුසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැුජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් බිඳවැටේ.
නැවත දෙවැනි පරාක‍්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක‍්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කි‍්‍රස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.
ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බි‍්‍රතාන්‍ය සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාක‍්‍රමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශී‍්‍ර විභූතිය කියාපාන සාධකයෝය.
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක‍්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්‍යය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්‍යයනුත් බද්ධ සීමා ප‍්‍රාසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය.අට දා ගේ හැට දා ගේ සහ පොළොන්නරුව වටදා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දකවයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප‍්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.

අනුරාධපුරය
ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාෙවි දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ.
ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ.
පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත.පැරණි නගරය වර්ග සැතැපුම් නමයක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර පවතී. එහි ඇතුළු නුවර හා පිට නුවර යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකි. ඇතුළු නුවර හා පිට නුවර ඉතා විශාල ප‍්‍රාකාරයකින් එකිනෙක වෙන්වේ. කි‍්‍රස්තු පූර්ව 42 සිට 20 දක්වා රජ කළ කුටකණ්ණතිස්ස රජ සමයේ නගරය වටා දිය අගලක් තැනවූ බවත් වසභ රජතුමා නගරයේ ප‍්‍රාකාරය දහ අට රියන් උස්ව බැන්දවූ බවත් මහාවංශයේ සඳහන් වේ.නගරය ගොඩනැගීම පිළිබඳ විස්තර මහාවංශයේ දැක්වේ. ඒ අනුව විවිධ කුල වලට අයත් ජනතාව හා විදේශීය වෙළෙඳුන් සඳහාද වෙන වෙනම ගොඩනැගිලි තිබී ඇත. මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුර රාජධානිය විදේශයන් සමග විශාල වශයෙන් සබඳතා පැවැත්වූ බව තහවුරු වී ඇත.
අක්කර 250 ක පමණ භූමි භාගයකින් යුතු අනුරාධපුර ඇතුළු නුවර ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයකි. ඒවා අතර රජ මැදුරත්, දළදා මන්දිරයත්, මහාපාලි දාන ශාලාවත් ප‍්‍රධාන වේ. පිට නුවර ප‍්‍රධාන වශයෙන් විහාරා රාම හා වෙනත් ගොඩනැගිලි රාශියක් දක්ට ලැබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි නර පතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි
අනුරාධපුරයට යන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අටමස්ථාන වන්දනා කිරීමයි. කලින් කල අටමස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන වෙනස් වුවද ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ.
අනුරාධපුරයේ දැවැන්ත වාරිමාර්ග ක‍්‍රමයක්ද දැකිය හැකියි. ඉන් පළමුවැන්න වන්න් පණ්ඩුකාභය රජතුමා විසින් කරන ලද අභයවාපී නැමැති වැවයි. අද එය බසවන්කුලම ලෙස හැඳින්වේ. තිසා වැව, නුවර වැව ආදී වාරිකර්මානත කරමින් අනුරපුර රජ දරුවෝ ලක් පොළොව අස්වැද්¥හ.
සවිමත් පාලම් ද සහිතව ඉතාමත් විධිමත් මාර්ග පද්ධතියක්ද අනුරාධපුර පැරණි නගරයේ දැකිය හැක. එමෙන්ම විහාරාරාම, බුදු මැදුරු අදී ගොඩනැගිලිවල දැකිය හැකි විවිධ කලා නිර්මාණ හෙළ කලා කරුවාගේ නිර්මාණත්මක හැකියාව මනාව පිළිබිඹු කරයි. සඳකඩපහණ, මුරගල, කොරවක් ගල ආදිය එවැනි විශිෂ්ට නිර්මාණයන්ය.
අතීත අනුරාධපුරය ලොව තිබූ ඉතාමත් දර්ශනීය නගරයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි. අලංකාර උයන් වතු සුවිසල් මහල් ප‍්‍රාසාදයන්ගෙනුත් විසල් දාගැබ් වලිනුත් සාගර පරදන මහ වැව් වලිනුත් සමන්විත අනුරාපුර නගරය වරින් වර සතුරු ආක‍්‍රමණයන් හේතුවෙන් විනාශ වී ගියේය.
නැවත 1873 දී අනුරාධපුර කච්චේරිය පිහිටුවා රජයේ ඒජන්ත වරයෙකු පත්කිරීමෙන් පසු අනුරාධපුර පැරණි නගරය එළි පෙහෙළි කොට පුරාණ ගොඩනැගිලි පිළිබඳ පර්යේෂණ ආරම්භ කැරිණි .

අස්ගිරි විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානය
සිරිසර කන්ද උඩරට සෙංකඩගල පුරවර සුවිශුද්ධ බුද්ධාදී තෙරුවන් ගුණ මහිමය ප්‍රත්‍යක්‍ෂයෙන් මූර්තිමත් කරන ශීලාදී ගුණාභරණ විභූෂිත මහාසංඝරත්නය සතත නිසේවිත බෞද්ධා බෞද්ධ ජනීජනයන්ගේ වන්දනාමානන පූජා සත්කාරයන්ට භාජන වූ අස්ගිරි විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානය මනනන්දනීය වූ පුණ්‍යභූමියකි.
ශත වර්ෂ දෙකකට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ අන්තිම රාජධානිය වූ සෙංකඩගල පුරවරයෙහි රාජ්‍ය හෙබවූ රජවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රහයෙන් දිසාරාළහාමි, හා සේනාපති උතුමන්ලා විසින් කරවූ විහාර දෙකකින්ද, ඓතිහාසික උපෝසථාගාරයෙන්ද මෑත භාගයේ ගිහි පැවිදි උතුමන් විසින් කරවන ලද ධර්මශාලා, ආරාම තොරණ බෝධිප්‍රාකාර ළිං, පොකුණු ආදී සියලු විහාරාංගයන්ගෙන් මෙම විහාරය සමලංකෘත වේ.
මෑත භාගයේ සසුනඹර දිලුනු පහන් තරුවක් වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ මහෝත්සාහයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය නගාසිටුවීම සඳහා එකළ රජකරවූ ශ්‍රී වික්‍රමරාජසිංහ මහ රජතුමන්ගේ ශ්‍රද්ධා කුසල බලමහිමයෙන් කළ උදාර පුණ්‍යක්‍රියාවන් අතර මෙම අස්ගිරි විජය සුන්දරාරාම පුරාණ විහාරයද, විශිෂ්ට වේ. රජතුමාගේ ප්‍රධාන ඇමැති වශයෙන් ක්‍රියා කළ පිළිම කලාවේ විජය සුන්දර රාජකරුණා හතර කෝරළේ දිසාරාළහාමි විසින් කරවා ක්‍රි.ව. 1776 දී එදවස අස්ගිරි මහපදවිය දැරූ උරුළෑවත්තේ ශ්‍රී පි‍්‍රයදර්ශී ධම්ම සිද්ධි ස්‍යාමෝපාලි මහනිකායේ ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට රජතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පූජා කරන ලදී.
ප්‍රමාණයෙන් කුඩා වූවද ආකෘතිය හා විහාරාංග මෙන්ම චිත්‍ර හා මූර්තිකලා නිර්මාණයෙන් සම්පූර්ණ මෙම විහාරය දර්ශන මාත්‍රයෙන් මෙහි රාජකීයත්වය හා උදාරත්වය ප්‍රකට කෙරේ. මහනුවර සමයේ නිර්මාණ කළ සුවිසාල ශිලාමය බුද්ධ ප්‍රතිමාව ඇති අස්ගිරි විජයසුන්දරාරාම අලුත් විහාරය සමකාලීන විහාර කර්මාන්ත ශිල්පයේ පරිණත දක්‍ෂභාවය ප්‍රකට කෙරේ. මෙම විහාරය කරවීමේ අරමුණ ආදී සියලු විස්තර විහාරය පිටුපස ඇති ශිලාලේඛනයේ දැක්වේ.
මෙම ශිලාලේඛනයෙන් ප්‍රකට වන ප්‍රධාන කාරණා වන්නේ, මෙම විහාර කර්මාන්තය කිරීමේ පරමාර්ථ, විහාරය තුළ පවතින නිර්මාණ , විහාර පාලනයට පූජා කළ ගම්බිම් පිළිබඳවයි.
මෙම විහාරය කලක් ජරාවාසවී විහාරයේ අධිපතිව වැඩ විසූ යටවත්තේ ශ්‍රී ධම්මරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිළිසකර කරවා ව: 1954 දී අභිනව කේතුපිලන්ධන මහෝත්සවය පවත්වා ජනතාවට පහසුවෙන් වන්දනමානන කිරීමට සලස්වන ලදී. මහනුවර සමයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වාස්තුවිද්‍යාත්මක ඤාණය, චිත්‍ර මූර්ති කලාව පිළිබඳ පරිණත බුද්ධිය, රාජකීයයන්ගේ ශ්‍රද්ධාභක්තිය, විහාරපාලනය මෙම මහා විහාරයෙන් ප්‍රකට කෙරේ.
අස්ගිරිමහාවිහාර පහළ පන්සල් ආරාම මධ්‍යයේ අභිනව උපෝසථාගාරය කරවා උපසපන් විනය කර්ම ප්‍රධානව සංඝකර්ම කිරීම නිසා මෙය කලක් අභාවිතයෙන් ජරාවාසයට ගොස් යළි සංස්කෘතික ත්‍රිකෝණයෙන් පිළිසකර කරවන ලදී. ඉතා මනහර උස්භූමියක පිහිටි බෝධීන් වහන්සේ පිළිබඳව ඓතිහාසික තොරතුරු නැති වූවද මුඛ පරම්පරාගත විස්තර අනුව මෙම විහාරස්ථානය ආරම්භ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රහයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් අංකුරයක් වැඩමවා මෙම අස්ගිරි විජය සුන්දරාරාම විහාරස්ථ උස්බිම් තලයේ රෝපණය කළ වග ප්‍රකට වේ. එම බෝධීන් වහන්සේ වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වඩා හිඳුවා අලංකාර ප්‍රාකාර විදුලි පහන් කනු හා සෝපාන පෙළ සකස් කර තිබේ.
අස්ගිරිය, මාපනාවතුර, දොඩන්වල, බහිරව කන්ද ආදී සතර පේරුවේ දායක පින්වතුන්ගේ ආගමික කාර්යන් ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහි කේන්ද්‍රස්ථානය වූ මෙම විහාරස්ථානය, චෛත්‍ය, ධර්මශාලා තොරණ පහන්වැට ආරාම මුළුතැන්ගෙවල්, පුස්තකාල ආදී සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණව සංවර්ධනය වී පැවතීම ඉතා ප්‍රයෝජනවත් වේ. අස්ගිරි විජය සුන්දරාරාම විහාරස්ථානය අස්ගිරි මහාවිහාර මූලස්ථානයේ ප්‍රධාන සිද්ධස්ථානය වශයෙන් ශතවර්ෂ දෙකහමාරකට අධික කාලයක් පුරා සිදු කළ, සිදු කරන ආගමික ශාසනික, හා ජාතික මෙහෙවර අපමණ ය.
අස්ගිරි විජයසුන්දරාරාම, අලුත් විහාරයට අයත් ඉඩකඩම් මධ්‍යම පළාතට අයත් හල්ලොලුව, කහවත්ත, මාතලේ ආදී ප්‍රදේශවල ඇතිබව ශිලාලේඛනයේ සඳහන්වෙන අතර එය අස්ගිරි මහානායක පදවියට අයත්ව පාලනය වේ. පුරාණ විහාරය හෙවත් කුඩා විහාරය ගලගෙදර පන්සලට අයත්ව දෛනික පුදපූජා ආවතේව සිදු කෙරෙන්නේ එම පන්සලේම මහා සංඝරත්නය විසිනි.
අස්ගිරි විජයසුන්දරාරාම විහාරස්ථානයේ සංඝපරම්පරා දෙකකට අයත් ආරාම දෙකක් ඇති අතර ඒවා පිහිට වූ ආදි කර්තෘන්ගේ නාමයෙන් ගලගෙදර පන්සල, ගුන්නෑපාන පන්සල නමින් ප්‍රකට වේ.
මෙහි පුරාවස්තු අතර රාජකීය පීඨය, උඩරට ගිවිසුම අත්සන් කළ මේසය, ඇත්දත් පිළිමය හා පත්තිරිප්පුව ආකෘති ප්‍රතිමා මන්දිරය ප්‍රධාන වේ. මහාවිහාරය පිටුපස ඇති ශිලාලේඛනය මෙම විහාරස්ථානයට අයත් ගොඩමඩ ඉඩකඩම් ප්‍රමාණය, පාලනය, අයිතිය, ආදායම, පුද පූජා පැවැත්වීමාදී සියලු විස්තර සම්පිණ්ඩනය කළ කැඩපතක් වැන්න.
වර්තමාන විහාරාධිපති අස්ගිරි මහා සංඝ සභාවේ කාරක ධුරන්ධර ගරු මොලගොඩ ධම්මරතන හිමියන් ප්‍රධාන පන්සල් දෙකේ මහා සංඝරත්නය විහාරස්ථ ආගමික ජාතික සියලු සේවාවන් ඉෂ්ට සිද්ධ කිරීම කාගේත් ප්‍රසාදයට හේතුවේ.

Subscribe to:
Posts (Atom)