මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානිවල අතිශය වැදගත් නගරයක් වූ බවට මහාවංශය සාක්‍ෂි දරයි.එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා” විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත උඩ මළුවේ වන දැවැන්ත චෛතය්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි.වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂ උද්භිත විද්‍යාඥ B.සුමිත්‍රාරච්චි මහතායි.
1. උඩ මළුවේ වැඩ සිටින දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ
වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන "ශ්‍රී මහා බෝධීන් වහන්සේ"ගේ දෙවන අංකුර පෙළට අයත් වේ.මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි
2. පහළ මළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ
උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද,දකුණු පසින් කුඩා චෛත්‍ය වහන්සේටත් බටහිරින් ගාලු-කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්‍ෂය ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.
3.පහළ මළුවේ උතුරු පස බුදු මැදුර
පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කලු ගඟට යාව බැම්මක් බැඳ එහිපස් පුරවා සාමාන්‍ය මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්‍රවයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි.ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත.සිදුහත්උපත, කිරිපිඬු පූජාව, ශ්‍රී මහාබෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධවිහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත.
4. පහළ මළුවේ චෛත්‍යය
පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්‍යයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්‍යය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්‍රි.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා තිබේ.
5.පහළ මළුවේ දකුණු පස බුදු මැදුර
පහළ මළුවේ චෛත්‍යට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්‍රවණයට උචිත වන අයුරින් සකසා තිබේ.
6.උඩ මළුවේ මහා චෛත්‍යය රාජයා (වටදාගෙය)
1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී.වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි.අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මෙය චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ.
7. වටදාගෙය මධ්‍යයේ ඇති කුඩා චෛත්‍යය
මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 6ක චෛත්‍යයක්(කුඩා ප්‍රමාණයේ) පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය.පිවිසෙන මග දොරටු 2 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත. මේ විශ්මිත වටදාගෙය ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගියා. අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.
8. ධර්ම ශාලාව
ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත.කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ජනාධිපති D.B. විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්‍රයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි.
9. සක්මන් මළුව
කළු ගං ඉවුරට යාබඳව කොන්ක්‍රීට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි.මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දිනබෝධි භාරකාරමණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී.
Wednesday, August 11, 2010
Friday, August 6, 2010
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරය
ලංකාවේ වෙහෙර විහාර අතරින් බෙල්ලන්විල රජමහා විහාරය ප්‍රධාන පූජනීය ස්ථානයකි. ඵෙතිහාසික හා සංස්කෘතික අංග ලක්‍ෂණ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය නොහොත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රාශියක් දක්නට ලැබෙන අතර ඒවා පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නිරූපණය කරයි.බෙල්ලන්විල රජ මහා විහාරයේ ගොඩනැගිලි අංග අතර ප්‍රතිමාඝරය, ස්තූපය, දේවාල මන්දිරය, ධාතු මන්දිරය, කැපී පෙනෙන විහාරංග ලෙස සැලකේ.මෙහි ප‍්‍රතිමාඝරයේ ඉදිකිරීම් 1948 දී සිදුවූ අතර නව ප‍්‍රතිමාඝරයට පෙර බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවූයේ කුඩා ගොඩනැගිල්ලක් තුළය. පසුව පොළොන්නරුවේ ජේතවනාරාම ගොඩනැගිල්ලේ සැලැස්ම සිහිපත් වන පරිදි නිරිමාණය කෙරිණ. ප‍්‍රතිමාඝරය නොයෙකුත් කැටයම් අංගයන්ගෙන් අලංකාර කර ඇති අතර ඒවා මගින් පොළොන්නරු යුගයේ කැටයම් කලාව සිහිපත් වේ. හස්ති රූප, හංස රූප, භෛරව රූප, මුරගල, සඳකඩ පහණ යන හැම අංගයක්ම පෙර රජ දවස ආභාෂය කොට ඉදිකර ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ප‍්‍රතිමාඝරයේ ස්වරූපය බැලූවිට එහි ප‍්‍රතිමාඝරය ඉදිරිපස බිත්තිය මුදුනින් ඉතා අලංකාරවත්ව නිම වූ මකර තොරණක් දෑකගත හෑක. එහි පාදස්ථානයේ පළමුව හස්ති හිස්ද , පසුව වාමන රූප පෙළක්ද ඉන් අනතුරුව හංස පෙළක්ද කැටයම් කර ඇති අතර ඉදිරිපස බිත්තිය දෙසට වන්නට ඉතා අලංකාර මුල්ගල් දෙකක් ඇත. මුරගලට ඉහළින් හංස පෙළක් ඇති අතර හංස මුවින් නෙළුම් පොහොට්ටුවක් රැගෙන යන ආකාරය දක්නට ලැබේ. ඉදිරි බිත්තිය මත ලංකාවේ අනුරාධපුර යුගයේ සිට රජ කළ රජවරුන්ගේ පිළිරූ නිර්මාණය කර ඇත.ගෘහය ඇතුළත, අනුරාධපුර යුගයේ අවුකන බුදුපිළිම ආකෘතියට අනුව නිර්මාණය කොට ඇති දහඅට රියන් උසැති බුදු පිළිමයකි. මෙම පිළිමයට පිටුපසට වන්නට අඩි 27 කින් යුත් පිරිනිවන් මංචකය ඉදිකර ඇති අතර එය පොළොන්නරු යුගයේ ගල් විහාරයේ පිරිනිවන් මංචකයේ පිළිරුව ආකාරයට නිර්මාණය කර ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ස්තූපය ඝන්ඨාකාර හැඩයෙන් යුක්තය.එය අටපට්ටම් වේදිකාවක් මත පිහිටා තිබෙන ස්තූපය පේසා වළලු 3 න් ද , ගර්භයෙන්ද , හතරැස් කොටුවෙන්ද, දේවතා කොටුවෙන් ද කොත් කැරැල්ලෙන්ද කොතින්ද, සිළුමිණෙන්ද යුක්තය. ඊට අමතරව වැලිමළුව , වාහල්කඩ, චිත‍්‍ර හා කුළුණු යන උපාංගද බෙල්ලන්විල රජමහා විහාරය සතුව ඇත. විහාර මන්දිරයට පිටුපස ඇති ස්තූපය වඩා විශාල නොවූවකි.දේව මන්දිරය ඉදිකොට ඇත්තේ පොළොන්නරු යුගයේ කලාංග උපයෝගී කොට ගෙනයි. ඒ ඒ දෙවියන් වෙනුවෙන් වෙන් වුණු දේව කුටි වලින් සමන්විත දේව මන්දිරය තුළ බෙල්ලන්විල විහාරයේ ආරම්භක අවදියේ තිබූ කුඩා විහාර ගෙයද වේ. මෙම කුඩා විහාර ගෙය වටකොට දේව මන්දිරය ඉදිකොට ඇත.බෝධි වෘක්ෂය උස්වූ මළුවක රෝපණය කර ඇත. බෝධි වෘක්ෂය වටා රන් වැටකින් වට කොට ඇත. බෝධිය වටා ප්‍රාකාරය ඉතා විසිතුරු කැටයමින් අලංකාරවත්ව නිමවා ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පයට විශේෂ ස්ථානයක් හිමිවන අතර ධාතු මන්දිරය සහිත සීමා මාලකයත් , සංඝාවාසයත් , දෙමහල් ධර්ම ශාලාවත්, ගන්ඨා කුළුණත්, යනාදී අංගද ඇතුළත්වේ. මේවා මගින් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන අතර බෙල්ලන්විල රජමහා විහාරයේ ඵෙතිහාසික පෞඪත්වය ද ඉස්මතු වේ
මාතලේ රන්ගිරි දඹුලු විහාරය
අතීතයේ “ජම්බුකොල” නමින් හැඳින්වූ දඹුල්ල ශීරිනද ලංකාවේ ඇති විශාලතම ලෙන් විහාරයයි. දඹුලු ලෙන එක්තරා කාලවකවානුවකදී “ ස්වර්ණගිරි” නමින්ද හඳුන්වා ඇත. දඹුල්ල ලෙන් සංකීර්ණය ලෝකයේ වඩාත් පරවක සාදයට පත් වූ ලෙන් විහාරවලින් එකකි. මෙහි ඇති බෞද්ධ සිතුවම් 17- 18 යන සියවස් වලට අයිති කන්ද උඩරට අවසාන රාජ පරම්පරාවට අයත් කාලයේ කළ ඒවා බව බොහෝ දෙනාගේ මතය වේ..
දඹුලු ලෙන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ලෝක උරැමයක් ලෙස නම් කර ඇති ස්ථානයකි. කොළඹින් කි.මි.148 නැගෙනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති මෙය ඉතා හොදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි. මාතලේ නගරයේ සිට සැතපුම් තිහක් ගිය විට මහාමාර්ගයේ සිට විශාල ප්රදේශයක පැතිරීගිය රමණීය ගල්තලාවක් මත රන්ගිරි දඹුලු විහාරය පිහිටා ඇත තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ලෙන් සංඛයාවක් පවතින අතර ලෙන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත.මේ ලෙන් අතර දේවරාජ ලෙන , මහාරාජ ලෙන, මහා අලුත් විහාරය පශ්චිම විහාරය හා දෙවන අලුත් විහාරය ලෙස වේ.මුල් කාලීන වාර්තාවල සඳහන් වන පරිදි 12 සියවසේ නිශ්ශංක මල්ල රජු දවස බුද්ධ පරෙස තිමා 73 ක්ද නරේන්ද්ර1 රජු දවස බිතු සිතුවම් 1300 ක්ද 18 සියවසේ කීර්ති ශීරතල රාජසිංහ රජු දවස සිතුවම් 1000 ක්ද තිබු බව කියවේ බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස මෙම විහාරය ලෝක ප්රුසිද්ධියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රදරතිම 3 සහ දැව ප්රවරතිම 4 ක් වර්ග මි.2100 ප්රනදේශයක පිහිටිව තිබේ.බිතු සිතුවම් මගින් බුදුන්‍ගේ මාර පරාජය සහ පලමු ධර්ම දේශනාව නිරෑපනය කර ඇත. ප්ර ධාන ලෙන් විහාරයේ ගලෙන් කාන්දුවන ජල බිංදු මෙහි විශාල ගල් පාත්රනයකට එකතු වෙය
ජනප්රනවාද අනුව දඹුලු විහාරය වළගම්බා රජු කලක් සැඟවී සිටි වළගම්බා රජු මුලින් ම කළ ලෙන් විහාරයකි. ගල්තලාව මැදින් සැතපුම් කාලක් පමණ පියගැට දිගේ් ඉහළට නඟින විට සුළඟ සමඟ පොරබදන බෝගස හිතට අප්රදමාණ සතුටක් ඇතිකරයි.
මහාවංශයේ සඳහන් වළගම්බා රජු සැඟවුණු වෙස්සගිරිය යනු රන්ගිරි දඹුල්ල බව මහාචාර්ය පරණවිතාන සංස්කෘතික දෙපාර්තමේන්තුව පළ කළ වාර්ෂික වෙසක් කලාපයකට ඉංග්රීමසියෙන් සැපැයූ ලිපියකදී සඳහන් කරයි. සතුරන්ගෙන් බේරී සැඟවී සිටීමට යෝග්යර පරිසරයක් මෙහි ඇත.
රන්ගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම්
ඉතා විශාල ප්රදමාණයේ ලෙන් විහාර පහක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයේ මහා චිත්රාවගාරයක් ලෙස සැලකිය හැකිය. ලොකු කුඩා බුදුපිළිම වහන්සේලා සිය ගණනක් වැඩ සිටිනා මෙම ලෙන් විහාර ගෙවල බිත්ති හා ගල් සීලිම චිත්ර වලින් ම පිරී ඇත. කෙසේ වෙතත් විටින් විට මේ බිතුසිතුවම් පරහා තිසංස්කරණ හා වෙනස්වීම් වලට භාජනය වී තිබේ. වර්ග අඩි 20000 ක් පමණ පරගගාමාණයක මේ බිතුසිතුවම් පැතිරී ඇත.දඹුල්ල ලෙන් චිතරභාජවලට වස්තු විෂය වී ඇත්තේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවයට අදාල කතා පුවත් හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථායි. බුද්ධ චරිතයේ සිද්ධි හා ජාතක කථා හැරුණු විට බෞද්ධ ඉතිහාස පුවත් රාශියක් දඹුලු විහාරයේ චිත්ර ගත කොට ඇත. විජයකුමරුගේ ලංකාවතරණය, දුටුගැමුණු එළාර යුද්ධය, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවය, සඟමිත් තෙරණිය ශ්රීඑ මහා බෝධීන් වහන්සේ වැඩමවීම ඒවායින් කීපයකි අමතර වශයෙන් මේවා අතර දේව රූපද විවිධ ජ්යා මිතික සැරසිලිද දක්නට ඇත. දහ අටවන සියවසට අයිති මේ චිතරමේව වැඩිපුර පරුවමාණයක් දක්නට ඇත්තේ මහාරාජ ලෙනේ සහ අලුත් විහාරයේය. එකල උඩරට පර ච කට සිත්තර පරම්පරාවක් වන නිලගම සිත්තර පරම්පරාව විසින් මේ චිතරවා සමූහය කර ඇතැයි සැලකේ. ජනකලා හා මහනුවර චිතර් ව කලා සම්පරනට දායට අනුව මෙම චිතරහය ඇඳ ඇත.
1855 නිලගම පණිවිඩ පනතට සහ 18 සියවසේ බලියාග සඳහා භාවිතා කළ පද්යද ගරෙම න්ථයක් වූ දඹුලු ශාන්තියට අනුව මහා රාජ ලෙනෙහි තිබු වෙස්සන්තර ,තේමිය හා උම්මග්ග ජාතක කතා වර්තමානයේ දක්නට නොලැබේ. පසුකාලීන පරවතේකෘතිමත් කිරීම් වලදී පැරණි චිතරයත මතුපිටින් නැවත චිතරමාන ඇඳ තිබේ. දඹුලු සිත්තරාගේ මුඛ්ය පරමාර්ථය වූයේ බෞද්ධ සැදැහැවතුන් හට බුදුන් වහන්සේගේ රුව ගුණ තමන්ගේ අභිමානවත් ඉතිහාසය හා බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන කිරුව යා මාර්ග පෙන්වීමටය. මහනුවර ජන කලා සම්පරහා දායන්ට අනුව ඇඳ ඇති මෙම චිතරසේග වල බිත්ති පෘෂ්ඨය තිරස් තීරු වලට බෙදා ඇත. සෑම තීරුවකම පර ජ ධාන පුවතට අදාල දර්ශන වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් පහළින් ඇති තීරු වලටත් සමහර අවස්ථාවලදී ඉහත තීරුව දක්වාත් නොකඩවා දිවයන ලෙස ඇඳ ඇත. කෙසේ වෙතත් දඹුලු චිතරවල ඉතා සුපරික්ෂාකාරීව බලන විට පෙනී යන්නේ ඒවා එකම යුගයක විවිධ ශෛලීන් නියෝජනය කරන වගයි. දඹුලු චිතරුව අතර වර්ණ වශයෙන් වැඩිපුරම යොදාගෙන ඇත්තේ මදටිය රතු පැහැයයි. එයට අමතරව රතු, කහ , නිල්, කොළ , දුඹුරු යන වර්ණ යොදාගෙන ඇත. සියලුම චිතරතාවවල බාහිර රේඛාව කළු වර්ණයෙන් දක්වා ඇත. මේ චිතරන් ශිල්පීන් වර්ණ සාදා ගැනීමේදී මැටි, ගස්වල ඉස්ම ,කොළ , පහන් දැලි, හිරිගල් ,දොරණ හා කැකුණ යන ගස් වලින් ලබාගන්නා තෙල් හා දේශීය අමුද්රමව්ය යොදාගෙන ඇත. දඹුලු විහාර චිතරිදක සඳහා භාවිතයට ගෙන ඇති ද්රගව්ය හා ශිල්ප කරව්යමද සිත් ගන්නා සුළුය. දේශීය අමුද්රව්යහ භාවිතා කර වර්ණ සදා ගෙන ඇති අතර චිතරති ඇඳීමට බුරුසු සාදාගෙන ඇත්තේ බළල්ලුන් සහ ලේනුන්ගේ ලොම් වලිනි. සිතුවම් වඩාත් දීප්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට දොරණ තෙල් සමඟ මිශරලොමකර දුම්මල භාවිතා කර ඇත. මෙය වලිත්ති ගෑම යනුවෙන්ද සඳහන් කෙරේ.
දඹුලු ලෙන් චිතරර ඇ වලට හින්දු බලපෑම්ද බලපා ඇති බව සමහරෙක් කියනු ලබයි. මහලෙනේ පසුභාගයේ ඇති මිහිඳු හිමි ලක්දිව ගමනය, විජයාවතරණය , අනුරපුර මිහින්තලයේ නිදන් වස්තු , ගැමුණු එලාර යුද්ධය, සත්සතිය , ඉසිපතන , වේළුවන ,ජේතවන ආරාම පූජාව, අවසන් දානය , සිරි නිවන , ධාතු බෙදීම , යන චිතරපතන පරවන ධාන තැනක් ගනියි. මේ චිතරඳරව අතර වැදගත් චිතරර්ණ තුනක්ද වේ. බෝහිමි වැඳීම , සස ජාතකය , පිරිනිවීම ඒ අතර වේ. මෙයට අමතරව මාර පරාජය චිතරතැනයද මේ ලෙන් චිතරමේ අතර ඉතා වැදගත් තැනක් ගනියි. ඉඩකඩ ඇති විශාල ගල් බිත්ති හා ගල් පියස්ස නිසා සිත්තරාට විශාල සිතුවම් ඇඳීමට ඉඩ ලැබී ඇත. එක් විහාර ගෙයක ගල් සීලිමේ ඇඳ ඇති මාර පරාජය දැක්වෙන සිතුවම් කොයිතරම් විශාල ද කියතොත් නරඹන්නාගේ දර්ශන පථයට එකවර අසුකර ගත නො හැකිය. කෙසේ වෙතත් විශාල චිතරනරඹ සමූූහයක් හා දැවමය පිළිම රාශියක් ඇති බෞද්ධ ලෙන් අතර විශාල ලෙන වන දඹුළු විහාරය ආරක්ෂා කර ගැනීම අප සතු විශාල වගකීමකි.
විෂ්ණු දේවාලය
දඹුල්ල ශ්රීෙ ලංකාවේ පිහිටි ඉපැරැණි විෂ්ණු දේවාල පිහිටි එක් ස්ථානයකි ඒ අවට අඩවිය විෂ්ණු දෙවිඳුගේ බලයට යටත්වෙයි. ගලේවෙල හා මකුළුගස්වැව අතර පිහිටි කැළෑබද පිටිසර ගම්මානයක් වූ දඬුබැඳිරුප්ප ගමේ සිට වනසතුන්ගෙන් ආරක්ෂාව - ගොවිතැන් සශ්රීිකත්වය - ලෙඩරෝග වැළැක්වීම – අරමුණු කොටගත් වාර්ෂික පෙරහරක් දඬුබැඳිරුප්පේ සිට දඹුල්ලේ විෂ්ණු දේවාලයට පැමිණීම පැරණි චාරිත්රියකි. දඹුල්ලේ විෂ්ණු දේවාලය පැරණි ය. දඹුල්ලේ ප්රාධාන විෂ්ණු දේවාලයට අමතර ව විහාරයේ පිහිටි ප්රගධාන ගල්ලෙන පිටුපස රහස් කුටියක බලගතු මිටි විෂ්ණු ප්රවතිමාවක් පිහිටා ඇත.. මේ විෂ්ණු රූපය ඉතා බලගතු ය. එයට හේතුව මේ විෂ්ණු රූපයේ දෙනෙත් පිහිටුවා ඇති ආකාරයයි. බුදුපිළිමය පිටුපස පිහිටි මේ ලෙන විශේෂ ඉල්ලීමකට හෝ මුදල් ගෙවා කරන පූජාවකට පමණක් සීමාවෙයි. හේතුව මේ රූපයේ නෙත්වලින් බලන බැල්ම අතිශය තියුණු බැවින් ඉන් කපුමහතුන්ට දැඩි හානි – විපත් සිදුවන බැවිනි. ඒ නිසා පිළිමයේ නෙත් හසුවන ආකාරයෙන් ඇතුළට යාම – පුද පූජා ලැබීම – කපු මහත්වරු නොකරති. පිළිමයේ දෙනෙත්වල බැල්ම නොවදින පරිදි පුද පූජා තැබීම සිරිතයි.
කෙසේ වෙතත් විශාල චිතරනරඹ සමූූහයක් හා දැවමය පිළිම රාශියක් ඇති බෞද්ධ ලෙන් අතර විශාල ලෙන වන දඹුළු විහාරය ආරක්ෂා කර ගැනීම අප සතු විශාල වගකීමකි.
Subscribe to:
Posts (Atom)